මං හොයන ආදරේ .........
- ජනිත සෙනවිරත්න
- Feb 1, 2019
- 2 min read

මං හොයන ආදරේ . මේ කියන්න හදන්නේ මං හොයන ආදරේ , ඇය හොයන ආදරේ, ඔබ හොයන ආදරේ, අපි හැමෝම හොයන ආදරේ. ජ්විතේ නොයෙකුත් කාල වලදී නොයෙකුත් විදිහේ ආදර වර්ග හම්බෙනවා. ඒ අතරින් අපිට මුලින්ම හම්බෙන්නේ දෙමව්පියන්ගේ ආදරේ. ඊළඟට අපිට හම්බෙනවා පවුලේ ආදරේ . හැබැයි කාලයත් එක්කම අපි තරුණ වෙනවත් එක්කම අපි හොයන, බලාපොරොත්තුවෙන ආදරේ ටිකක් වෙනස් . අපි අපේ හිත්වලට අවංක උනොත් , මේ හිත්වලට සිමා නැතුව කතා කරන්න දුන්නොත් කොච්චර හිත්වල ගුලිවෙච්ච ආදර කතා ගැන කියයිද ? සිතින් විතරක් පෙම් කරන අය කොච්චර ඇද්ද ? ඇත්තටම ආදරේ කරලා එත් ඒ ආදරේ කියාගන්න බැරිවුන අය, එහෙම ආදරේ ප්‍රකාශ කරලා එත් ඒ ආදරේ නොලැබුන අය, ඇත්තටම අවංක ආදරයක් හම්බුන අය, විහිළුවට ආදරේ කරලා ඒක අන්තිමට තමන්ගේ ඇත්ත ආදරේ වුන අය, ආදරේ නිසා රැවටුන අය, ආදරේ නිස දුක්වෙන අය, මේ වගේ නොයක් විදිහේ ආදර කතා ඔබ අප හැමෝම අතරේ තියෙන්න ඇති . පොඩ්ඩක් හිතල බලන්න මං හොයන ආදරේ හරියට මොකද්ද කියල අඳුරගන්න මට පුළුවන් උනොත් , ඔබට ඕනේ කොහොම ආදරයක්ද කියල ඔබටම තේරුම්ගන්න පුළුවන් උනොත්, මේ සමාජේ අද තියන ප්‍රශ්න කොච්චර අඩුවෙන්න තිබ්බද ?
පුද්ගලයෝ වශයෙන් ගත්තම අපි හැමෝම එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වෙනස් . අපේ සිතුම් පැතුම් වෙනස් . ජිවත් වෙන්න කැමති විදිහ වෙනස් . ඒ වගේම තමයි ආදරේ දකින විදිහ, ආදරේ බලාපොරොත්තුවෙන විදිහ, ආදරේ ගැන හිතන විදිහ වෙනස්. මේ දේ අපිට තේරුම්ගන්න පුළුවන්නන්, එහෙම තේරුම් අරන් අපිට පුළුවන්නන් අපි බලාපොරොත්තුවෙන ආදරේ ළඟ තියන කෙනෙක් එනකන් බලන් ඉන්න, එහෙම ආදරයක් ළඟ තියන කෙනෙක් හොයන්න, මං හිතන්නේ, ජිවිතේ ලස්සන වෙන්න, ජිවිතේ සැහැල්ලුවෙන් අනාගතේ ගත කරන්න එක අපිට උදව්වක් වේවි. මේ ලෝකේ හිතේ කනස්සලෙන් ඉන්න බහුතරය අඩු කරන්න එක උදව්වක් වේවි. ලස්සන පුංචි පුංචි පවුල් ශක්තිමත් වේවි. ගෙදර පුරාවට සතුට තියේවි. ගෙවෙන හැම දවසක්ම ලස්සන, ජීවත්වෙන්න ආස හිතෙන දවසක් වේවි.
මං හොයන ආදරේ මොකද්ද කියල හරියටම තේරුම් ගන්න එක ඒ තරම්ම වැදගත් වෙන්න අන්න ඒ නිසයි. මං හොයන ආදරේ මොකද්ද කියල තේරුම් ගත්තම අපිට පුළුවන් ඒ ආදරේ හොයන යන්න. ඒ විදිහට ආදරේ ගැන දකින කෙනෙක් හොයාගන්න. ඒ වගේම තමා මේ ගමනෙදි විවිද බාධක හමුවේවි. ඉවසිලිවන්තකම නැති නිසා හිතුන තැනක නවතින්න හිතේවි. මහන්සි වැඩිකමට මග නවතින්න හිතේවි.
බාහිර පෙනුම නිසා මග නවතින්න හිතේවි. නමුත් එහෙම නැවතිලා පසුතැවෙන්න ඉඩක් නැතිවෙන විදිහේ තැනක විතරක් අපිට නවතින්න පුළුවන් උනොත් ජිවිතේ සතුට, සැනසීම, සාර්ථකත්වය, මේ හැමදේම අපි ළඟ තියේවි.
ජිවිතේ මගක් ගිහින් නැවත මුල සිට පටන්ගන්නවට වඩා, ජිවිතේ පසුතැවි තැවී ජිවත් වෙනවට වඩා, පීඩනයෙන් ඉන්නවට වඩා, මං හොයන ආදරේ හම්බෙනකන් ඉන්න එක කොච්චර හොඳ වෙයිද?
අපි අපිට අවංක වෙමු ...............
Comments