top of page

ඇයි මටම මෙහෙම වෙන්නේ ???

  • ජනිත සෙනවිරත්න
  • Feb 8, 2019
  • 2 min read

බොහෝ වෙලාවකට අපි අපෙන්ම අහන ප්‍රශ්නයක් තමා " ඇයි මටම මෙහෙම වෙන්නේ ?" කියන එක . ඇත්තටම වෙන හැම දෙයක්ම මට විතරමද වෙන්නේ . එහෙම නැත්තම් ඔබට සිතෙනවද ඔබට විතරයි වෙන්නේ කියල .අපි එහෙම හිතන වාර අපමනයි. නමුත් මේ තුල තියනවා අපි අවබෝධ කරගතයුතු යමක් . මේ දේ හරියට අවබෝධ කරගන්න එක ගොඩක් වටිනවා කියල මම විශ්වාස කරනවා.

ජිවිතේ කියන දේ අපිට ඕන විදිහට හැමදේම වෙනවනන් හොඳයි තමා , නමුත් එහෙම වෙන්නේ නෑ. ඒක තමා ජීවිතය කියන්නේ. උදාහරණයක් විදිහට හිතන්න අපිට යම්කිසි කරදරයකට මුහුණ පාන්න උන අවස්ථාවක් . ඒ වෙලාවට අපේ හිත්වලට ඉබේම කියවෙනවා " ඇයි මේ මටම වෙන්නේ ?" කියල . මම විශ්වාස කරන දේ තමයි ඇත්තටම අපි මේ ප්‍රශ්නය අපේ හිතෙන් අහන්න ඕනෙම එකක් . නමුත් ඒක අහන විදිහ මත තීරණය වෙනවා අපි ජීවිතය දිනනවද පරදිනවද නැත්තන් ඔහේ යන්න දෙනවද කියන එක.

කරදරයක්, පසුබෑමක් වගේ දෙයක් ඇතිවුන වෙලාවට අපිට හිතෙන්නේ මේක මටම උනා නේ . ජිවිතේ එපා වෙනවා, මට කවදාවත් හරියන්නේ නෑ , මෙන්න මේ වගේ නම්, ඔව් ඔබ සිතුවා හරි . ඔබට ගොඩ එන්න අමාරුයි. ඒ ඔබ දකින, ඔබේ සිතුවිලි වල තියෙන්නේ එවන් වූ කරදරකාරී ආකල්පයක් . ඒ වෙලාවට අපි තවත් හිතෙන් වැටෙන්න ඒක හේතුවක් වෙනවා .ඒ නිසා ඔබට එවන් සිදුවීම් වලට මුහුණපෑමට සිදුවන වාර ගණන වැඩියි .

නමුත් හිතල බලන්න අපිට පුළුවන්නන් ඒ සිදුවුන සිදුවීම තුල අපිට යහපත් ලෙස දකින්න පුළුවන් දෙයක් ඉස්මතු කරගන්න, ඒකම අපේ හිතේ හයියට උදව්වෙනවා. උදාහරණයක් විදිහට මට මං ජීවත්වෙන ස්ථානය මාරු කරන්න උනොත් එක හිතට මහා බරක් වගේ දැනෙනවා . නමුත් සිදුවුන දේ සිදුවී හමාර නිසා , ඒ ගැන නොසිතා එම සිදුවීමෙන් ඇතිවිය හැකි යහපත් දේ ගැන දකින්න පුරුදු උනොත් අපිට ජිවිතේ සතුටින් ඉන්න පුළුවන්. අනාගතය යහපත් කරගන්න පුළුවන් . ඔබේ ජිවිතේ පහුගිය කාල පරාසය තුල ඔබට සිදුවූ සිදුවීම් කල්පනාකරලා බලන්න. එය වර්තමානය හා ගලපල බලන්න . සමහර සිදුවීම් නිසා ඔබට යහපතක් වෙලා තියන බව පෙනෙන්නට පටන් ගනීවි . ඒත් එක්කම සමහර සිදුවීම් නිසා ඔබ පසුතැවෙන බව සිතුනොත් කලබල වෙන්න එපා. මොකද ඒ සිදුවීමේ යහපත් ප්‍රතිපලය නුදුරු අනාගතයේ පැමිණීමට නියමිතයි .

එන්න, අපි ජිවිතය විඳිමු .........

J_Vibes.


 
 
 

Comments


"Life is a journey. Everyone have got their own path which is unique to themselves. This path could be smooth, rough and adventuress. However, the most important thing that we all need is to be strong enough to be on the right track throughout the journey. And we should enjoy  life. Because that is the way to live life."  

  • White LinkedIn Icon
  • White Facebook Icon
  • White YouTube Icon
  • White Instagram Icon
  • White Twitter Icon

© 2018 by Janitha Senavirathna

bottom of page