top of page

මෙදාපාර අවුරුදු........(ජනිත)

  • J@nitha Senavirathna
  • Apr 14, 2020
  • 2 min read

සිංහල හින්දු අලුත් අවුරුද්ද එනකන් ඉස්සර බලන් හිටියේ හරිම ආසාවෙන්. ඒක වචන වලින් විස්තර කරන්න අමාරු හරිම සුන්දර හැඟීමක්. යාලුවෝ එක්ක ගම වටේ සෙල්ලන් කරන්න, නෑදෑ ගෙවල්වල යන්න, ඇයි ඒ විතරක්ද? තෑගි ගන්න, මේ ඔක්කොටම ආස අපි අවුරුද්ද එනකන් ඉස්සර ඇඟිලි ගනිනව. කාලයත් එක්කම දැන් අපි තවත් පොඩි ළමයි නෙමේ, වැඩිහිට්යෝ. එත් තවමත් අලුත් අවුරුද්ද එනකොට හිතට අමුතු සතුටක් දැනෙන්නේ, මං හිතන්නේ ඒත් එක්ක අවුරුදු ගානක මතකයන් ගොන්නක් එකතුවෙලා තියන නිසා වෙන්න ඇති.

ලෝකේ කොහේ හිටියත්, අපි දැන් කොච්චර ලොකු උනත්, කිරිබත් කැල්ලක් කාල අවුරුද්ද සමරන්න හිතෙන්නේ අපේ මේ මතකයන් එක්ක තියන අමුතු බැඳීම නිසාම වෙන්න ඇති. අවුරුද්ද එනකොට කොහේ හිටියත් කොහොම හිටියත් අවුරුදු චාරිත්‍ර කරන්න මග බලන් ඉන්නේ හරිම ආසාවෙන්. කිරි උතුරලා ෆොටෝ එකක් අරන් චාරිත්‍ර කරලා හරි සතුටින් ඒ දවස ගතකරනවා.

හැබැයි මේපාර අවුරුදු ටිකක් වෙනස්. ලෝකයක්ම වසංගතයකට මූනදීල ඉන්න වෙලාවක්. දහස් ගණනින් මිනිස්සු මැරෙනවා. ලක්ෂගනනින් මිනිස්සු ලෙඩවෙනවා. හැම රටක්ම ලොකු අභියෝගයකට මුහුනදෙනගමන් ඉන්නේ. තමන්ගේම අය ආරක්ෂා කරගන්න හැමෝම මහන්සි වෙනවා. එලියට යන්න විදිහක් නෑ . සමහර මිනිස්සුන්ට රස්සා කරගන්න විදිහක් නෑ. සෞඛය අංශ, ආරක්ෂක අංශ අපිරිමිත උත්සහයක් ගන්නවා වසංගතයෙන් තමන්ගේම ය බේරගන්න. කව්ද හිතුවේ කතාවල, චිත්‍රපටිවල තිබ්බ මේවගේ ප්‍රභාන්ද ඇත්තවෙයි කියල.

හිතට හැම අවුරුද්දකදීම දැනුනු සතුට මේ පාර දැනුනේ නැත්තේ ඒ නිසා වෙන්න ඇති. අප්‍රේල් 14 තවත් එක දවසක් විතරයි වගේ කියා මේ අවුරුද්දේ දැනෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. අපේම මිනිස්සු මේ දවස්වල කොහොම ජිවත්වෙනවද, කන්න බොන්න හොයාගන්නේ කොහොමද, දවසේ වැඩක් කරලා කීයක් හරි හොයාගන්න මනුස්සය ගෙදරට ඕනේ බඩු ටික ගන්නේ කොහොමද. පුංචි එවුන් ටික ආවුරුද්දට තෑගි නැතුවම හිත හදාගන්නේ කොහොමද. එහෙම බලද්දී මේ අවුරුද්ද අපි හැමෝටම අමාරු අවුරුද්දක්.

අපි පුළුවන් විදිහට උදව් කරගමු, එකිනෙකාව බලාගමු, එකිනෙකාට උදව් කරගමු. එහෙම උනෝත් මේ අමාරු කාලේ ඉක්මටම ගෙවිලා අයෙත් වසන්තය උදාවෙයි. එදාට අයෙත් අලුත් අවුරුද්දට ඉස්සර හිතට දැනුන සතුට අයෙත් දැනෙයි.

මේ අවුරුද්දේ මගේ එකම පැතුමත්, මුලුලෝකයම සුවපත් වෙත්වා. කිසිවෙකුටත් කරදරයක් නොවෙත්වා, මේ වසංගතය ඉක්මනට අවසන්වී මුලු ලෝකයටම අලුත් අවුරුද්දක් ඉතා ලඟදිම උදාවේවා!!!

 
 
 

Comments


"Life is a journey. Everyone have got their own path which is unique to themselves. This path could be smooth, rough and adventuress. However, the most important thing that we all need is to be strong enough to be on the right track throughout the journey. And we should enjoy  life. Because that is the way to live life."  

  • White LinkedIn Icon
  • White Facebook Icon
  • White YouTube Icon
  • White Instagram Icon
  • White Twitter Icon

© 2018 by Janitha Senavirathna

bottom of page